2011/04/25

කතාවක්

            ඔන්න මේ කියන්න යන කොලුවා ලස්සන එකෙක් නොවුනව්ට ඔය කෙල්ලෝ කීප දෙනෙක් ගේ ඇල්ම බැලම මේ කොලු පැටියා දිහාට වැටිලලු තිබ්බේ. ඒ ඉතින් වෙන මොනවත් නිසා නෙව්ය් කොලු පැටියා අහිංසක පැත්තකට වෙලා තමන්ගේ පාඩුවේ වැඩක් කරගෙන ඉන්න ළමයෙක් නිසාලු. මේ ළමයගේ අම්මය් තාත්තය් එහෙමත් මේ පුතු පැටියට ගොඩක් ආදරෙය්ලු ඒ එයා ඉතින් ගෙදරට හොඳ කීකරු විශ්වාසවන්ත කොලුවා නිසා කියලා තමය් එයා කියන්නේ. ඉස්සල්ලා කිවුවා වගේ මොන කෙල්ල මේ කොලූට ඇල්ම බැල්ම හෙලුවත් ව්ඩක් නෑ කියලා කෙල්ලෝ දැනන් හිටියේ නෑ. මොකද එයාගේ ඇල්ම බැල්ම තියෙන්නේ වෙන පුංචි සුරංගනාවියක් වගේ කෙල්ලෙක්ට.

            ඔන්න ඉතින් කාලේ ඔහොම යනකොට මෙයාට ඔය ඒ රටේ හැටියට සාමාන්‍ය පෙළ කියලා බොහොම දරුනු පහේ විභාගයකට මුහුන දෙන්න වෙන නිසා මේ කොලුවට ගොඩක් දවස් වලට අමතර පංති වැටුනා. ඒ මදිවට අනික් අයට වගේම මෙයාටත් හෙනහුරාදටත් ඉස්කෝලේ යන්න උනා. මේ ළමයත් අනික් ළමය් වගේම ඉස්කොලේ යෑම කරේ ඔය සමාන්‍යයෙන් පාරේ යන බස් එකක. ඔන්න ඉතින් ඔහොම අර කිවුවා වගේ සෙනසුරාදාවක සිල්ප හදාරන්ට කියලා ඉස්කොලෙට යන්ට බස් එකට නැංගලු. ඔය බස් එකේ තවත් මේ කොලු පැටියගේ වයසෙම කොල්ලෝ කෙල්ලෝ ගොඩක් ගියා. ඉතින් මේ කොලුවා බස් එකට නැංගාම බස් එකේ ඉන්න පැටික්කිලා කන්න වගේලු මෙයා දිහා බලන්නේ. ඔය අතරේ හිටියලු මේ කොලුව තරමක් දන්න අදුනන කෙල්ලක් ඒ දන්නේ වෙන කොහොමවත් නෙවෙය් අර අහිංසක කොලුවගේ පංතියේ හිටිය තවත් එකෙක් යාලු වෙලා හිටිය කෙල්ලක් නිසා. ඉතින් මේ කෙල්ලත් අර අහිංසකයා බස් එකට නැංගට පස්සේ හිනාවකින් සංගරහා කරලා කොලුවා රැක් එකට දාන්න යන බෑග් එක බලෙන්ම වගේ ඉල්ලලා ගන්නවලු එයා ලඟට. ඉතින් දවස දෙක ඔහොම යනකොට කොලුවට තෙරුනා එන පොට හරි නෑ කියලා. ඉතින් මෙයා තීරණය කලාලු කෙල්ලගේ ඇහැනොගැටී ඉන්න ඇහැගැටුනත් නොදැක්කා වගේ ඉන්න, කොහොමද පැටියගේ මොළේ. 
           ඔන්න දවසක් මේ කොලුවා බස් එකට නැංගාම කෙල්ල මූණ ඉස්සරහ. දැන් කොලූට කොර ගන්ට දෙයක් නෑ. ඔන්න අර කෙල්ල අර කොලු පැටියට ගුඩ් මෝනිං පාරක් දාල, මේක ඉදිද්දී මොන ගුඩ් ද කියලා කොලූ හිනා වෙලා නිකන් ඉඳලා. ඔහොම ටික දුරක් යනකොට කොලු පැටියගේ අතට දැනුනලු සීතලක්, බැලින්නං අර කෙල්ල මේ අහිංසකයගේ අතින් අල්ලගෙන. අපොය් වෙච්ච විනාසේ කියලා කොලුවා ටග් ගාලා අත ගසලා දලා කෙල්ලට අළු වෙන්න රවලා. ඇය් දෙය්යනේ මොන කොලුවටද කොහෙවත් යන එකියක් තමන්ගේ අතින් ඇල්ලුවම තරහ යන්නේ නැත්තේ....? ඔන්න ඉතින් පස්සේ තමය් කැතම සිද්දිය වෙලා තියෙන්නේ. මේ අතින් අල්ලපු ජවනිකාව කොලුවගේ ගෙවල් ලඟ ඇන්ටි කෙනෙක් දැකලා. ඉතින් එයා පස්සේ ඇවිල්ලා අහලා" පුතා ඒ ඔයා යාළුවෙලා ඉන්න ගෑණු ළමයද" කියලා. කොලු පැටියත් තරයේම ප්‍රකාශ කරාලු එහෙම එකක් නෑ ටිකක් අඳුරනවා" කියලා. එයාලගෙම ගමේ ඉන්න කුරා කූඹියෙකුටවත් කරදරයක් නැති අහිංසක කොලු පැටියට කෙල්ල ගෙන් මොනව හරි කරදරක් වෙය් කියලා තමය් ඒ ඇන්ටි ඒ ගැන හොයලා බලලා තියෙන්නේ. තව පොඩ්ඩේක් අර කෙල්ල ගේ වැඩේ නිසා කොලු පැටියගේ කාඩ් කුඩුලු....
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _  _ 

ප.ලි:-  මේ කතාව කියවන ඔය අය්යලා මල්ලීලත්, ඔය වගේ දරුණු කෙල්ලන්ගෙන් පරිස්සම් උනොත් හොඳය්.......මතක් වෙන කොටත් ඇඟ කිළිපොලාන පොලාන යනවා.....
 

27 comments:

  1. අනේ මගේ අත නම් වැරදිලාවත් කෙල්ලෙක් අල්ලන්නෙ නෑ ! ඇල්ලුවොත් මාත් අතාරින්නෙ නෑ !

    ReplyDelete
  2. අඩෝ මාර කෙල්ලෙක් නෙ බං..............

    ReplyDelete
  3. අත අරින්නේ නැත්තේ කෙල්ල ද? නැත්තම් උඹද...? :)

    ReplyDelete
  4. මාරය් කියන්නේ මාරකයක්

    ReplyDelete
  5. දැන් ඔහොම ලිව්වට ඉතින් අපි දන්නවලු වෙච්ච ඇත්ත සිද්දිය හොඳේ. ගෑනු ළමය කියවයි කියල බයේ නේද හොඳ කොල්ල වහේ ලියන්නෙ. හික්ස්.

    ReplyDelete
  6. පිණිබිඳු:- අක්කෙ මම කොහොමත් හොඳ ළමයා තමා........
    ගෑණු ළමයටත් කතාව කියලා තියෙන්නේ

    ReplyDelete
  7. කෙල්ලව බන් ! අතාරින්නෙ ම නෑ !

    ReplyDelete
  8. මට ඔහොම දෙයක් වුනා නම් මම බස් එකේ ශීට් එකක් කනව.

    ReplyDelete
  9. කසුන්:-අය්යේ මට බය උඹ කෙල්ලව කය් ද කියලා කෙල්ලෙක් සැට් උන දවසක

    ReplyDelete
  10. මචන් අර කේල්ලට වෙන කොල්ලේක් ඉදලම නැද්ද බන්.මටත් ඔහොම සීන් එකක් උනා.කස්ටිය මගේ බ්ලොග් එක කිය්වන්ඩකො.

    ReplyDelete
  11. ඒ අපි උඹලා දන්න අපේම ඉස්කෝලේ එකෙක් යාළුවෙලා ඉන්න කෙල්ලක් බං

    ReplyDelete
  12. මම මේ කල්පනා කලේ මේක බීටා මල්ලිට උන සිද්දියක්ද කියලා..

    ReplyDelete
  13. අනේ මංදා අය්යේ...... මටවත් තේරෙන්නේ නෑ

    ReplyDelete
  14. බීටා මලේටත් මාර සීන් තමා වෙන්නෙ නේද....අම්මප මලේ මේ දවස් වල සිකුරා 77 ද දන්නෙ නෑ නේද....මටත් මේ දවස් වල සිකුරා 77 ඉන්නෙ.....

    ReplyDelete
  15. අය්යේ මගේ නම් සිකුරා 77 ආවේ මීට කාලෙකට ඉස්සෙල්ලා, අය්යගේ සිකුරා 77 කියලා අහන්නත් සතුටුය්

    ReplyDelete
  16. අඩේ ඔහොම දෙයක් මට වෙන්නේ නෑනේ. එහෙම උනානම් මම මෙලහකට බස් එකේ කාපට් එක උලා කාලා.ඉන්න එවුන්ටමනේ කෙල්ලොත් ට්‍රයි කරන්නේ. :(

    ReplyDelete
  17. අය්යේ ඒ වගේ කෙල්ලෙක් නම් කාටවත් එක ආත්මෙකටවත් හන්බවෙන්න එපා කියලා තමා කියන්නේ...සිස්
    අය්යේ ඔයාටත් ලඟදිම සිකුරා ලබය්

    ReplyDelete
  18. අපෙ අප්පෝ....බයේ බැ.
    කොහොම උනත් බං ඔය වගේ කැලි සැට් වෙන්නේ නැ නෙව.ඒක නෙවේ කෙල්ලෙක් අපේ පස්සෙන් එන එක,අපි කෙල්ලෙක් පස්සෙන් යන එක තරම් රහක් නැ නේද?
    :P

    ReplyDelete
  19. බීටා මල්ලී උඹ මේ කටින්ද කියන්නේ .. එහෙම නැත්තං ඕක අනික් පැත්තටද උනේ ?

    උඹනම් මල්ලී වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හොඳම හොඳ කොල්ලෙක් . ඇයි මල්ලි ඔයාට ඒ වෙලාවේ ෆීලින්ග්ස් ආවේ නැද්ද ? මටනම් ඔයවගේ වෙලාවට ෆීලින්ග්ස් කෝටියයි ... ඔයා මොනවා හරි විශේෂ ජාතියක් කනවද ? මටත් මේ වගේ වෙන්න ඇත්නම් ..

    ReplyDelete
  20. කුරුං:- අනේ මංදා බන් කෝකද....ගොඩක්ම ආත්ල් කියලා හිතාගන්න බෑ
    -------------------------------------------------
    සඳරු:- අය්යේ ෆීලින්ග් එකක් ආවා අරකිගෙ බෙල්ල මිරිකන්න........

    ReplyDelete
  21. කෙල්ලෝනම් පාරේ යන බස් වැනිය
    එකක් ව්වැරදුනොත් අනිකේ යත හැකිය
    ඕක කී එකා පොලවේ ගැසුවත් මදිය
    එක බස් රියකි ගෙන යන්නේ අප ගෙදර

    ReplyDelete
  22. බටර් ගාගෙන තියෙන හැටියටනම් කියන්ට පුලුවන් මේක සිද්ද උනෙ බීටටනම් නෙවෙයි කියල!

    ReplyDelete
  23. පට්ටා කවිය නොවැ කටියෝ
    ===============================================
    ඔය තේරිලා තියෙන්නේ මී හරකට වගේ.......

    ReplyDelete
  24. මිත්‍ර ද්‍රෝහියා... උඹ කෝම හරි යලූවගේ කෙල්ලව දැලේ දාගෙන අපිට සුදු හුණු ගාන්න එනවා නේ... අනේ බං.. අපි ඔය වයස පාස් කරලා ඉන්නේ...

    හිකි විහිළුවට ඈ... සමහර එ​වුන් ඔහොම්මයි බං... මටත් ඉතිං ඔය කේස් එකම දෙතුන් ගමනක් වුනා නෙව... අත්දැකීම් ඉහටත් උඩින් ඉතිං. හප්පේ බේරුන බේරිල්ලක්... තව පොඩ්ඩෙන් කොල්ලා හි​රේ...

    ReplyDelete
  25. හප්පොච්චියේ

    ReplyDelete
  26. අඩේ ම‍ට එහෙම ඔහොම කලා නම් අනිවා රිටන් එකක් දෙනවා

    ReplyDelete

හිතෙන දෙයක් ලියලා යන්න